චිලී රාජ්‍යයේ පිහිටි වැඩිහිටි නිවාසයක හටගත් දරුණු ගින්නකින් අසරණ වැඩිහිටියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. සන්තියාගෝ අගනුවර සිට කිලෝමීටර් 640ක් පමණ දකුණින් පිහිටි ‘එල් එඩෙන්’ නම් මෙම වැඩිහිටි නිවාසයේ පසුගිය සිකුරාදා රාත්‍රියේ මෙම ඛේදවාචකය සිදුව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි සිටි තවත් දස දෙනෙකු බේරා ගැනීමට බලධාරීන් සමත් වුණත්, අනෙක් පිරිසට දිවි ගලවා ගැනීමට අවස්ථාවක් ලැබී නැහැ. ගින්න නිවා දැමීම සඳහා සෙනසුරාදා උදෑසන වනතුරුම දැඩි පරිශ්‍රමයක් දැරීමට ගිනි නිවන භටයන්ට සිදුවුණා.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. චිලී ජනාධිපති ජෝස් ඇන්ටෝනියෝ කාස්ට් පවසන්නේ රට පුරා ඇති සියලුම වැඩිහිටි නිවාසවල ආරක්ෂාව සහ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සමාලෝචනයක් සිදු කරන බවයි. මෙවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නීතිය හරහා සත්‍යය සොයා බලන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ප්‍රදේශයේ නගරාධිපතිනිය පවසන්නේ මෙය මුළු රටම කම්පනයට පත් කළ සිදුවීමක් බවත්, මියගිය අයගේ පවුල්වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත්ය. මේ වන විටත් පොලිසිය සහ ගිනි නිවන අංශ එම ප්‍රදේශය ආරක්ෂිතව වට කර පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.

Discussion & Feedback