දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින් සහ ආයතන ඉලක්ක කරගෙන නව නීතිමය ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබෙනවා. 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ මෙම පියවර ගෙන ඇත්තේ බදු ගෙවීම හිතාමතාම මගහරින පිරිස් පාලනය කිරීම සඳහායි. කෙසේ වෙතත්, බදු ගෙවීමට සහයෝගය දක්වන සාමාන්‍ය බදු ගෙවන්නන්ට මෙයින් කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. නීතිමය පියවර ගැනීමට පෙර අදාළ පුද්ගලයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කරන අතර, සියලු හිඟ බදු ගෙවා නිවැරදි වීමට දින 30ක කාලයක් ලබා දෙන බව දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම දින 30ක කාලය තුළත් බදු ගෙවීම පැහැර හැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කෙරෙනවා. එහිදී රුපියල් 400,000ක දඩ මුදලක් හෝ මාස හයක සිර දඬුවමක්, එසේත් නැතිනම් එම දඬුවම් දෙකම ලැබීමට ඉඩ තිබෙනවා. බදු ලියාපදිංචි නොවී සිටීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම සහ වාර්ෂික ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම වැනි කරුණු සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වෙනවා. බදු වගකීමක් නොමැතිව TIN අංකය පමණක් ලබාගෙන සිටින අයට මෙම නීතිය බලපාන්නේ නැති අතර, බදු ගොනු තිබුණත් බදු ගෙවීමට වගකීමක් නැති අයට තම ගොනු වසා දැමීමට ප්‍රාදේශීය කාර්යාල හරහා ඉල්ලුම් කරන්න පුළුවන්.

Discussion & Feedback