ජේසන් ස්ටැතම් රඟපාන අලුත්ම ක්රියාදාම චිත්රපටය වන ‘Mutiny’ සිනමාහල්වල තිරගත වීමට දින කිහිපයකට පෙර ඇමසන් ප්රයිම් වීඩියෝ සේවාව හරහා අන්තර්ජාලයට නිකුත් වීම ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා. සාමාන්යයෙන් චිත්රපටයක ට්රේලර් එක පෙන්වන තැනට වැරදීමකින් සම්පූර්ණ චිත්රපටයම ඇතුළත් වෙලා තිබුණා. මේ නිසා පැය කිහිපයක් යනතුරු ප්රේක්ෂකයන්ට චිත්රපටය නොමිලේම නරඹන්න අවස්ථාව ලැබුණා. මේ සිද්ධිය නිසා චිත්රපටය බෙදාහරින ලයන්ස්ගේට් ආයතනය ඇතුළු ජාත්යන්තර බෙදාහරින්නන් දැඩි කලකිරීමකින් ඉන්නේ. මේ වන විටත් චිත්රපටය විවිධ රටවල පයිරේට් වෙමින් පවතින නිසා එය මිලියන ගණනක පාඩුවක් බවයි ඔවුන් පවසන්නේ.
මේ චිත්රපටය සඳහා විශාල මුදලක් ආයෝජනය කරපු ජාත්යන්තර බෙදාහරින්නන් මේ වන විට ඇමසන් ආයතනයට එරෙහිව දැඩි විරෝධයක් පළ කරනවා. ඔවුන් පවසන්නේ මෙය කිසිසේත්ම සමාව දිය නොහැකි බරපතල වරදක් බවයි. මේ වන විට ලයන්ස්ගේට් ආයතනය පයිරේසි වැළැක්වීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා වගේම, ඇමසන් ආයතනයට මේ සිදුවීමෙන් සිදුවූ පාඩුව පියවීමට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි ආරංචි වෙන්නේ. ජේන්-ෆ්රැන්කොයිස් රිචෙට් අධ්යක්ෂණය කළ මේ චිත්රපටයේ ස්ටැතම් නිරූපණය කරන්නේ තමන්ගේ ලොක්කාව ඝාතනය කළ බවට චෝදනා ලැබ පලා යන පුද්ගලයෙක් විදිහටයි. කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමසන් ආයතනය හෝ චිත්රපට නිෂ්පාදකයන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්රකාශ කරලා නැහැ.

Discussion & Feedback