ඩිසයින් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන Figma, මේ දිනවල තමන්ගේ වේදිකාව තවත් දියුණු කරන්න ලොකු උත්සාහයක නිරත වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් පසුගියදා ‘Bud’ නමින් හැඳින්වෙන AI තාක්ෂණය සහ ‘vibe-coding’ පහසුකම් සපයන ස්ටාර්ට්-අප් සමාගම මිලදී ගැනීමට කටයුතු කළා. කලින් ‘Orchids’ නමින් හැඳින්වුණු මෙම සමාගම, පරිශීලකයන්ට ඉතා පහසුවෙන් වෙබ් සහ මොබයිල් ඇප් නිර්මාණය කිරීමට උදව් කරන වේදිකාවක් විදිහට තමයි ප්‍රසිද්ධ වුණේ. දැන් මේ ගනුදෙනුවත් එක්ක Bud සහ Orchids කියන සේවාවන් දෙකම ජූලි 18 වෙනිදායින් පස්සේ වසා දැමීමට නියමිතයි.
Figma මේ පියවර ගත්තේ ඇයි කියලා හරියටම කියලා නැතත්, ඔවුන්ගේ අරමුණ වෙන්නේ නිර්මාණකරුවන්ට හුදෙක් ඩිසයින් එකක් විතරක් හදන්න නැතුව, ඒක ඇත්තටම වැඩ කරන ඇප් එකක් විදිහට ගොඩනගන්න අවශ්‍ය තාක්ෂණය ලබා දීමයි. පසුගිය කාලේ ඔවුන් ‘Figma Make’ වගේ මෙවලම් හඳුන්වා දුන්නා වගේම, දැන් AI ඒජන්තවරුන් හරහා වැඩ ස්වයංක්‍රීය කරන්නත් උත්සාහ කරනවා. ඉතින් මේ Bud කණ්ඩායමේ එකතු වීමත් එක්ක, ඉදිරියේදී Figma වේදිකාව ඇතුළේම කෝඩින් සහ ප්රොටෝටයිපින් වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි තාක්ෂණික ලෝකයේ කතා වෙන්නේ.
කෙසේ වෙතත්, මීට කලින් Orchids හරහා නිර්මාණය කරපු ඇප්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතු වුණා කියලා වාර්තා වුණා. ඒ නිසා Figma මේ නව කණ්ඩායම හරහා ඒ අඩුපාඩු මගහරවා ගනිමින්, තමන්ගේ වේදිකාව වඩාත් ආරක්ෂිත සහ බලවත් එකක් කරගන්න උත්සාහ කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback