FIFA ආයතනය විසින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොටස් 20%ක් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමට ගෙන ඇති තීරණය මේ වන විට ලෝක පාපන්දු ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. යුරෝපීය පාපන්දු සංගමය (UEFA) මේ සැලසුමට මුල සිටම විරුද්ධ වුණා. ඔවුන් පවසන්නේ ලෝක කුසලානය කියන්නේ කිසිසේත්ම විකිණිය හැකි භාණ්ඩයක් නොවන බවයි. මේ තීරණයට එරෙහිව යුරෝපීය රටවල් ලෝක කුසලානය වර්ජනය කරන බවට පවා අනතුරු අඟවා තිබෙනවා. මේ අතර, උතුරු, මධ්යම ඇමරිකානු සහ කැරිබියන් කලාපීය පාපන්දු සම්මේලනය (Concacaf) ද මේ සැලසුම ප්රතික්ෂේප කරමින් ප්රකාශයක් නිකුත් කරලා තියෙනවා.
Concacaf පවසන්නේ FIFA ආයතනය මේ වන විටත් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබන ලෝක කුසලාන තරගාවලියක් පවත්වන පසුබිමක, මෙවැනි පෞද්ගලික ආයෝජනවල අවශ්යතාවයක් නොමැති බවයි. එමෙන්ම, මේ ක්රියාවලිය සඳහා නිසි විනිවිදභාවයක් හෝ සාකච්ඡාවක් නොමැති වීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ල පළ කරනවා. JP Morgan වැනි ආයතනවල මැදිහත්වීමෙන් සිදුවන මේ ගනුදෙනුව හරහා බිලියන 4.6ක පමණ මුදලක් උපයා ගැනීමට FIFA බලාපොරොත්තු වුවත්, පාපන්දු ක්රීඩාවේ උරුමය පෞද්ගලික අංශයට පවරා දීම බරපතල වරදක් බවයි බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ. ඉදිරියේදී මේ ගැටුම කෙලෙස විසඳේවිද යන්න පිළිබඳව ලෝකයම අවධානයෙන් ඉන්නවා.

Discussion & Feedback