2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර සිදුවූ විවිධ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට සහ ක්රීඩකයින් කිහිප දෙනෙකුට එරෙහිව ෆිෆා (FIFA) ආයතනය විසින් විනය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම එංගලන්තය සමඟ පැවති තරගයෙන් පසුව ක්රීඩකයින් පිරිසක් ‘ෆෝක්ලන්ඩ් දූපත් ආර්ජන්ටිනාවට අයත්’ බව දැක්වෙන බැනරයක් ප්රදර්ශනය කිරීම මේ ගැටලුවට ප්රධාන හේතුවක් වෙලා තියෙනවා. ක්රීඩා පිටියක් දේශපාලනික හෝ වෙනත් නොගැලපෙන ප්රකාශ සඳහා යොදා ගැනීම ෆිෆා විනය නීතිවලට පටහැනි නිසා ඔවුන් මේ පියවර අරන් තියෙනවා.
මේ විනය පරීක්ෂණවලට අමතරව, තරග අතරතුර රසිකයින් සිදුකළ වෙනස්කම් කිරීමේ හැසිරීම්, තරග ආරම්භ කිරීමට ප්රමාද වීම්, ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම් සහ ප්රේක්ෂකයින් විසින් පිටියට විවිධ දේවල් විසිකිරීම වැනි සිදුවීම් රැසක් ගැනත් ෆිෆා අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර පැවති අවසන් මහා තරගයෙන් පසුව ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ලියෑන්ඩ්රෝ පැරඩෙස් සහ නහුයෙල් මොලිනා ඇතුළු ක්රීඩකයින් කිහිප දෙනෙකුටම චෝදනා එල්ල වෙලා තියෙනවා. දැනට මේ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ගන්නා ක්රියාමාර්ග මොනවාද කියලා ෆිෆා ආයතනය තවමත් නිල වශයෙන් ප්රකාශ කරලා නැහැ.

Discussion & Feedback