2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ආජන්ටිනාව පරාජයට පත්වුණාට පස්සේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය නිසා ෆිෆා (FIFA) ආයතනය ආජන්ටිනා ක්රීඩකයන් කිහිප දෙනෙකුටම දැඩි දඬුවම් පනවලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වුණු ලියෑන්ඩ්රෝ පැරඩෙස් හට තරග 10ක තහනමක් සහ ඇමරිකානු ඩොලර් 90,000ක දඩයක් නියම වෙලා තියෙනවා. ඒ වගේම නහුඑල් මොලිනාට තරග 7ක තහනමක් සහ ඩොලර් 90,000ක දඩයක් ලැබිලා තියෙන අතර තියාගෝ අල්මාඩාට තරගයක තහනමක් සහ ඩොලර් 30,000ක දඩයක් ලැබිලා තියෙනවා. ස්පාඤ්ඤ ක්රීඩක ගාවිත් මේ සිද්ධියට සම්බන්ධ නිසා ඔහුටත් තරගයක තහනමක් සහ දඩයක් පනවන්න ෆිෆා පියවර අරන් තියෙනවා.
මේ ගැටුම ඇතිවුණේ නිව්යෝර්ක් නුවර පැවති අවසන් මහා තරගයෙන් පස්සේ. මේ සිද්ධියට අමතරව ආජන්ටිනා පාපන්දු සංගමයටත් ඩොලර් 321,000ක විශාල දඩයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරගාවලිය පුරාම ක්රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම්, වෙනස් කොට සැලකීම් සහ දේශපාලනික බැනර් ප්රදර්ශනය කිරීම වගේ කරුණු කිහිපයක් නිසයි. ඒ විතරක් නෙවෙයි, ආජන්ටිනාවේ මීළඟ ගෘහස්ථ තරග දෙක සඳහා ප්රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙන්නේ ක්රීඩාංගණයේ ධාරිතාවෙන් 50%ක් පමණයි. මේ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න ආජන්ටිනා පාපන්දු සංගමය මේ වන විටත් කටයුතු කරමින් ඉන්නවා.

Discussion & Feedback