ගයනා වෙරළ තීරයේදී මගීන් 116 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ MV Barima නමැති බෝට්ටුවක් හදිසියේම මුහුදුබත් වීමේ පුවතක් වාර්තා වෙනවා. ජෝර්ජ්ටවුන් සිට පෝට් කයිටුමා බලා ගමන් කරමින් තිබියදී අයිරන් පන්ට් ප්‍රදේශය ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබෙන්නේ. රාත්‍රී කාලයේදී ලැබුණු හදිසි ආපදා ඇමතුමකින් පසුව බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. මේ වන විට පුද්ගලයින් 53 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබුණත්, ඉතිරි මගීන් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ.
අනතුරට ලක්වූ මෙම බෝට්ටුව 1939 වසරේදී නිෂ්පාදනය කරන ලද මීටර් 40ක් පමණ දිගැති යාත්‍රාවක්. ගයනා රජයේ ඇමතිවරයෙක් වන ජුවාන් එඩ්ගිල් පවසන විදිහට, මෙම බෝට්ටුවේ ජීවිතාරක්ෂක කබා 250ක් සහ අවශ්‍ය තරම් ජීවිතාරක්ෂක බෝට්ටු තිබී තියෙනවා. කෙසේ වෙතත්, මේ වන විටත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බෝට්ටු යොදවා අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙනවා. අග්‍රාමාත්‍ය මාර්ක් ෆිලිප්ස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මුදාගැනීමේ කටයුතු සිදු කෙරෙන අතර, ඉතිරි මගීන් පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.

Discussion & Feedback