ලෝක ප්‍රසිද්ධ සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ෆෙරාරි සමාගම විසින් නිෂ්පාදනය කරපු ඔවුන්ගේ පළමු විදුලි මෝටර් රථය වන ‘ලූස්’ (Luce) රථය පසුගියදා ඇමරිකාවේ පැවති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 40ක වාර්තාගත මුදලකට අලෙවි වුණා. මේක අලුතින් නිෂ්පාදනය කරපු මෝටර් රථයක් වෙන්දේසියකදී අලෙවි වුණු ඉහළම මිල ලෙසයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම නිර්මාණය කරපු සුදු පැහැති මෙම රථය, අයිෆෝන් නිර්මාණ ශිල්පී සර් ජොනී අයිව්ගේ අදහසකට අනුවයි නිම කරලා තියෙන්නේ. මේ වෙන්දේසියෙන් ලැබුණු මුළු මුදලම ෆෙරාරි පදනමේ අධ්‍යාපනික වැඩසටහන් සඳහා පරිත්‍යාග කිරීමට නියමිතයි.
ඇත්තටම මේ ලූස් රථය එළිදැක්වූ මුල් කාලයේදී නම් විවිධ පාර්ශ්වවලින් දැඩි විවේචන එල්ල වුණා. ෆෙරාරි කියන්නේ සාම්ප්‍රදායික ඉන්ධන එන්ජින්වලට ප්‍රසිද්ධ නමක් නිසා, විදුලි රථයක් හඳුන්වා දීමෙන් ඔවුන්ගේ සන්නාමයේ අනන්‍යතාවය නැති වෙනවා කියලා බොහෝ දෙනෙක් අදහස් පළ කළා. ඉතාලියේ නියෝජ්‍ය අගමැතිවරයා පවා මේ ගැන විවේචනාත්මකව කතා කර තිබුණා. නමුත් ෆෙරාරි සමාගමේ ප්‍රධාන නිර්මාණ නිලධාරියා පවසන්නේ මේ විවේචන නවෝත්පාදනයේම කොටසක් බවයි. කොහොම වුණත්, මේ වන විට චීනය වැනි රටවලින් මේ රථයට විශාල ඉල්ලුමක් ලැබෙමින් පවතින බවත්, සමාගම සිය වාර්ෂික ඉලක්ක සපුරා ගැනීමට සමත් වී ඇති බවත් වාර්තා වෙනවා.

Discussion & Feedback