ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රූපය සහ ක්රියාකාරකම් ප්රවර්ධනය කිරීම සඳහා රජයේ බදු මුදල් යොදා ගනිමින් දැන්වීම් ප්රචාරය කිරීම මේ වන විට දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් FCC සභාපතිවරයා පවසන්නේ, මේවා සාමාන්ය රජයේ දැන්වීම් (PSA) බවත්, මෙහි අසාමාන්ය කිසිවක් තමන්ට නොපෙනෙන බවත්ය. රිපබ්ලිකන් හෝ ඩිමොක්රටික් පක්ෂ භේදයකින් තොරව මීට පෙරත් රජයන් මෙවැනි දැන්වීම් ප්රචාරය කර ඇති බවත්, ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හෝ විකාශන ආයතනවලට එරෙහිව පියවර ගැනීමට කිසිදු හේතුවක් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ‘Public Citizen’ වැනි ක්රියාකාරී කණ්ඩායම් චෝදනා කරන්නේ මේවා හුදෙක් ප්රචාරක දැන්වීම් බවත්, මහජන මුදල් අවභාවිතා කරමින් ට්රම්ප්ගේ දේශපාලන ප්රතිරූපය ගොඩනැගීමට උත්සාහ කරන බවත්ය. FCC හි සිටින එකම ඩිමොක්රටික් කොමසාරිස්වරිය වන ඇනා ගෝමස් පවසන්නේ, මෙය දේශපාලන දැන්වීමක් ලෙස සාමාන්ය ජනතාවට පෙනී යාම සාධාරණ බවයි. ඇය පෙන්වා දෙන්නේ, මීට පෙර මාධ්ය ආයතනවලට එරෙහිව දැඩි පරීක්ෂණ පැවැත්වූ FCC ආයතනය, මේ සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටීම ද්විත්ව ප්රතිපත්තියක් බවයි. මේ වන විටත් මෙම දැන්වීම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5කට වඩා වැඩි මුදලක් වැය කර ඇති අතර, මෙය ඉදිරියේදී දේශපාලන වශයෙන් විශාල අර්බුදයකට මුල පිරීමක් වනු ඇති බවටයි දේශපාලන විචාරකයින් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback