මේ දවස්වල සයිබර් අපරාධකරුවන් අලුත්ම විදියකට මිනිස්සුන්ව බ්ලැක්මේල් කරනවා. ඒ කියන්නේ, සමාජ මාධ්‍ය ගිණුම් හැක් කරලා ඒකේ තියෙන පෞද්ගලික සහ රහසිගත ඡායාරූප හෝ වීඩියෝ හොරකම් කරලා ඒවා පාවිච්චි කරලා මිනිස්සුන්ව බිය වද්දන එක. මේක වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, පොඩි ළමයින්ටත් ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. මේ අපරාධකරුවන් කරන්නේ ව්‍යාජ විදියට සමාජ මාධ්‍ය ආයතනවල සේවකයෝ වගේ රඟපාමින්, ගිණුම් නැවත ලබාගන්න උදව් කරනවා කියලා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන එක. සමහර වෙලාවට ෆිෂින් ඊමේල් හරහාත් මේ අය ගිණුම්වලට ඇතුළු වෙනවා.
මේ වගේ දේවල් නිසා ගොඩක් අය මානසිකව වැටිලා, සමහර වෙලාවට තමන්ටම හානි කරගන්න තත්ත්වයට පවා පත්වෙනවා කියලා විශේෂඥයෝ කියනවා. මේක ඇත්තටම ලොකු සමාජ ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කවුරුහරි සමාජ මාධ්‍ය ආයතනයකින් කතා කරනවා කියලා කිව්වට ඒක විශ්වාස කරන්න එපා, මොකද ඒ වගේ ආයතන කවදාවත් කෙලින්ම පාරිභෝගිකයන්ට කතා කරන්නේ නැහැ. ඒ වගේම හැම ගිණුමකටම වෙනස් පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්නත්, ‘Multi-factor authentication’ කියන ආරක්ෂිත ක්‍රමය අනිවාර්යයෙන්ම සක්‍රිය කරගන්නත් අමතක කරන්න එපා.
වැදගත්ම දේ තමයි, ඔබේ පෞද්ගලික සහ රහසිගත ඡායාරූප කිසිම වෙලාවක ඔන්ලයින් ගිණුම්වල ගබඩා කරලා තියාගන්න එපා. මොකද එක පාරක් මේ දේවල් අන්තර්ජාලයට ගියොත්, ඒවා ආපහු මකලා දාන්න හරිම අමාරුයි. ඒ නිසා අන්තර්ජාලය පාවිච්චි කරනකොට හැමතිස්සෙම කල්පනාකාරී වෙන්න.

Discussion & Feedback