පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය Steam වේදිකාව හරහා ව්‍යාජ ක්‍රීඩා කිහිපයක් නිකුත් කර, ඒ මගින් පරිශීලකයන්ගේ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි හැක් කළ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්ව FBI ආයතනය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. Zyaire Wilkins නම් මෙම තරුණයා සහ ඔහුගේ කණ්ඩායම BlockBlasters, Dashverse සහ PirateFi වැනි ක්‍රීඩා කිහිපයක් හරහා පරිශීලකයන් 8,000කට අධික පිරිසකගේ පරිගණකවලට මෘදුකාංග වෛරස් ඇතුළත් කරලා තියෙනවා. මේ වෛරස් මගින් ඔවුන්ගේ මුරපද සහ පුද්ගලික දත්ත සොරාගෙන, අවසානයේ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි 80කට වඩා හැක් කරලා ඇමරිකානු ඩොලර් 220,000කට වැඩි මුදලක් හොරකම් කරලා තියෙන බවයි විමර්ශනවලින් හෙළි වෙලා තියෙන්නේ.
මෙම පිරිස තමන්ගේ ව්‍යාජ ක්‍රීඩා ප්‍රවර්ධනය කරන්න Discord, LinkedIn සහ Telegram වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම, මෙම අපරාධකරුවන් භාවිතා කළ ක්‍රිප්ටෝ ගිණුමක් ඔස්සේ Uber Eats වැනි සේවාවන් සඳහා ගිෆ්ට් කාඩ්පත් මිලදී ගැනීම නිසා, එම ගනුදෙනු නිරීක්ෂණය කරමින් FBI නිලධාරීන්ට සැකකරුගේ නිවස සොයාගන්න පුළුවන් වුණා. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් උපාංග අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්තර්ජාලය හරහා ක්‍රීඩා බාගත කිරීමේදී ඉතාමත් පරිස්සම් විය යුතු බවත්, මෙවැනි ව්‍යාජ ක්‍රීඩා මගින් ඔබේ පෞද්ගලික දත්ත සහ මුදල් අනතුරේ වැටිය හැකි බවත් බලධාරීන් නැවතත් අනතුරු අඟවනවා.

Discussion & Feedback