ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. මේ සිද්ධියට සම්බන්ධ 16 හැවිරිදි පුතාට වෙඩි තැබීමට අවශ්‍ය අවිය තෑග්ගක් විදිහට ලබා දුන්නේ ඔහුගේ පියා වන කොලින් ග්‍රේ විසින්. මේ සම්බන්ධයෙන් වරදකරු වුණු පියාට මේ වන විට වසර 15ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඇමරිකාවේ පාසල් වෙඩි තැබීමක් සම්බන්ධයෙන් දෙමාපියෙක් මෙලෙස අපරාධ වගකීමකට ලක්වුණු තුන්වැනි අවස්ථාව මෙයයි.
අධිකරණයේදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ පියා තම පුතාගේ මානසික තත්ත්වය ගැන අවධානය යොමු නොකිරීම සහ ඔහුට තිබූ අවි ආයුධ නිසි ලෙස ආරක්ෂා නොකිරීම නිසා මේ බරපතල ව්‍යසනය සිදුවූ බවයි. පුතා පාසලේ වෙඩි තැබීමක් සිදු කරන බවට අන්තර්ජාලය හරහා අනතුරු ඇඟවීම් කර තිබියදීත්, පියා ඒ ගැන කිසිදු පියවරක් නොගැනීම විශාල වරදක් බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. පියා තමන් විසින් වෙඩි තැබීමක් සිදු නොකළත්, දරුවාගේ හැසිරීම් රටාව නොසලකා හැරීම නිසා ඔහුට මේ දඬුවම විඳින්නට සිදුව තිබෙනවා.
ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ ඇමරිකාව පුරාම දරුවන්ගේ හැසිරීම් සහ දෙමාපියන්ගේ වගකීම ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. දරුවාගේ මානසික තත්ත්වය ගැන අවධානයෙන් ඉන්න එක සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සොයා බැලීම කොයිතරම් වැදගත්ද කියන එක මේ සිද්ධියෙන් ලෝකයටම පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, නීතිඥවරුන් තර්ක කළේ වෙඩි තැබීම සිදු කළේ පුතා නිසා දඬුවම ඔහුට පමණක් සීමා විය යුතු බවයි. නමුත් අධිකරණය තීරණය කළේ පියාගේ නොසැලකිල්ල මේ අපරාධයට සෘජුවම බලපෑ බවයි.

Discussion & Feedback