ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැලියට සමගාමීව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හරිම ජනප්‍රිය වීඩියෝවක් හුවමාරු වෙනවා. මේ වීඩියෝ එක මුලින්ම සමාජ මාධ්‍යට එක් කරලා තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, හිටපු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා විසින්. මේ වීඩියෝ එකේ පෙන්වන්නේ සිංහ පැටියෙක් අනතුරකට මුහුණ දෙන අවස්ථාවක්. ඒ වෙලාවේ ලොකු සිංහයෙක් ඇවිත් ඒ පැටියාව බේරගන්න විදිහ තමයි එහි තියෙන්නේ. ඒ දර්ශන පෙළට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුවත් සමඟ ‘සිංහයා අනුරාධපුරයට’ කියන තේමාව යටතේ මේ වීඩියෝව නිර්මාණය කරලා තියෙනවා.
මේ වීඩියෝව මෙහෙම සමාජ මාධ්‍යයේ සැරිසරන්නේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමකයි. පක්ෂයේ පාක්ෂිකයන්ව නැවතත් උනන්දු කරවන්න සහ ඔවුන්ව බලමුලු ගන්වන්න මේ රැලිය අනුරාධපුරයේදී පැවැත්වීමට පොහොට්ටු පක්ෂය කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත්, මේ වීඩියෝව හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම විශේෂ සිදුවීමක් විදිහට පෙන්වා දෙන්න ඔවුන් උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මේ රැලියට විශාල පිරිසක් සහභාගි කරවා ගැනීමට පක්ෂය මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback