දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුත්ගම සහ අපරැක්ක අතර ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඉහළ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් අධිවේගී මාර්ග කොට්ඨාසය සමත් වුණා. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.350ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් වයස අවුරුදු 24 සහ 32ක් වන පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය වැල්ලම්පිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කොළඹ මහ නගර සභාවේ සේවකයෙකු ද සිටින අතර, ඔහු සතුව තිබී රුපියල් 97,000ක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ වන විට සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. අධිවේගී මාර්ගයේ සිදුවන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා සියලුම පිවිසුම් මාර්ග 31 ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මේ සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය සහ පරීක්ෂාවන් සඳහා ඉඩ ලබා දීම ඉතා වැදගත් බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback