අභ්යවකාශ විද්යාඥයන් විසින් මෑතකදී සොයාගත් අතිශය දුරස්ථ ‘කළු කුහර තාරකාවක්’ ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් හඳුනාගත් අභිරහස් ‘කුඩා රතු තිත්’ (little red dots) පිළිබඳ ගැටලුව විසඳීමට විශාල පිටුවහලක් වෙලා තියෙනවා. විශ්වයේ ආරම්භය සිදුවී වසර මිලියන 660කට පසුව බිහිවූ මෙම වස්තුව, MoM-BH*-1 ලෙස නම් කර තිබෙනවා. මෙය සාමාන්යයෙන් මන්දාකිණියක් ඇතුළත පිහිටා නොමැති, තනිවම පවතින ‘නිරුවත්’ කළු කුහර තාරකාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි ඇති වායු වලාකුළු මගින් නිකුත් කරන ආලෝකය, කළු කුහරය වටා සිදුවන ක්රියාවලීන් ගැන අපට හොඳ අවබෝධයක් ලබා දෙනවා.
මෙම සොයාගැනීම සිදුකර තිබෙන්නේ ‘Mirage or Miracle’ නමැති විශේෂ සමීක්ෂණ ව්යාපෘතිය හරහායි. පර්යේෂකයන් පවසන විදිහට, මෙම කළු කුහර තාරකාව තව වසර මිලියන 100කින් පමණ අසල ඇති තරුණ මන්දාකිණියක් සමග එකතු වීමට නියමිතයි. මෙසේ එකතු වූ පසු එය ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් අපට පෙනෙන එම අභිරහස් රතු තිත්වලට සමාන ස්වරූපයක් ගන්නා බව විද්යාඥයන් විශ්වාස කරනවා. මේ නිසා, මුල්කාලීන විශ්වයේ බිහිවූ මන්දාකිණිවල කේන්ද්රස්ථානය ලෙස මෙම කළු කුහර තාරකා ක්රියා කරන බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබෙනවා. මෙය විශ්වයේ ආරම්භය සහ මන්දාකිණිවල පරිණාමය තේරුම් ගැනීමට ලැබුණු ඉතා වැදගත් පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback