ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ආහාර සුරක්ෂිතතා ක්ෂේත්රයේ පවතින ගැටලුවලට නවීන විසඳුම් සෙවීම අරමුණු කරගෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එකතු වෙලා විශේෂ නවෝත්පාදන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. “Innovate Today – Nourish Tomorrow” තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත් සහ පාරිසරික ගැටලු වගේ ක්ෂේත්රවලට අදාළව තමන්ගේ නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා.
මේ වැඩසටහන හරහා අස්වනු නෙලීමෙන් පසු සිදුවන හානි අවම කිරීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ක්‍රමවේද සහ ජල කළමනාකරණය වැනි ක්ෂේත්රවලට නව විසඳුම් බලාපොරොත්තු වෙනවා. මුලින්ම සිසුන්ගෙන් අදහස් කැඳවන අතර, ඉන් තෝරාගන්නා හොඳම කණ්ඩායම්වලට විශේෂඥයන්ගේ මගපෙන්වීම යටතේ තම අදහස් ප්‍රායෝගික මට්ටමේ නිර්මාණ බවට පත් කරන්න අවස්ථාව ලැබෙනවා. අවසානයේදී හොඳම කණ්ඩායම් තුනට මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු යොදා තියෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසන විදියට, මේ වගේ වැඩසටහන් මගින් විශ්වවිද්‍යාල සිසුන්ට තමන් ඉගෙන ගන්නා දේවල් ප්‍රායෝගිකව සමාජයට දායක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ හරහා විශ්වවිද්‍යාල, රජයේ ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රය අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගෙන නිසා, ගොවි ජනතාවට සහ ධීවර ප්‍රජාවට සෘජු ප්රතිලාභ ලැබෙන විසඳුම් බිහි වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback