තායිලන්තයේ කොහ් සමුයි දූපතේ සංචාරයක නිරත වුණු ප්‍රංශ ජාතික පියෙක් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙක් මුහුදේ අතරමං වෙලා පැය 16ක් ගත වුණාට පස්සේ ඉතාම අමාරුවෙන් බේරගන්න පුළුවන් වුණා. මේ පවුලේ පියා ජෙට් ස්කී එකක් කුලියට අරගෙන මුහුදේ ගමන් කරමින් ඉද්දි හදිසියේම ඇති වුණු රළු මුහුදු රළ නිසා ජෙට් ස්කී එක පෙරළිලා එන්ජිම අක්‍රිය වෙලා තියෙනවා. ඒ වෙලාවේ ඔවුන් සතුව තිබුණු ජීවිතාරක්ෂක කබා නිසා ඔවුන්ට මුහුදේ පාවෙමින් ඉන්න පුළුවන් වුණා. ඔවුන් ආපහු වෙරළට නොපැමිණි නිසා බලධාරීන් වහාම සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළත්, රාත්‍රී කාලයේ තිබුණු අයහපත් තත්ත්වය නිසා සෙවීම් කටයුතු තාවකාලිකව නතර කරන්න සිද්ධ වුණා.
පසුදින උදෑසන නැවතත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළාට පස්සේ තමයි මේ පියා සහ දරුවන් දෙදෙනා මුහුදේ පාවෙමින් ඉද්දි බේරගන්න පුළුවන් වුණේ. බේරගන්නා අවස්ථාවේදී ඔවුන් ඉතාම වෙහෙසට පත්වෙලා හිටියත්, වෛද්‍ය පරීක්ෂණවලින් පස්සේ ඔවුන්ව ඉක්මනින්ම රෝහලෙන් පිටත් කරලා තියෙනවා. මේ සිදුවීමෙන් පස්සේ ඔවුන් තායිලන්තයේම රැඳී සිටිමින් ඔවුන්ගේ සංචාරය දිගටම කරගෙන යන බවයි වාර්තා වෙන්නේ. මුහුදේදී ජෙට් ස්කී එකක් පෙරළී ගියත්, ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම නිසා ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වුණු එක ඇත්තටම වාසනාවක්.

Discussion & Feedback