කොකාවැව පොලිස් වසමෙන් ඇසෙන මේ පුවත ඇත්තටම හරිම පුදුම සහගතයි. මාස දෙකකට විතර කලින් අතුරුදහන් වුණු පුද්ගලයෙක් මියගියා කියලා හිතලා, පවුලේ අය එයාගේ අවසන් කටයුතු පවා කරලා දාන මාන පින්කම් පවා පවත්වලා තියෙනවා. හැබැයි දවස් දෙකකට කලින් මේ පුද්ගලයා හරිම පුදුම විදිහට ආයෙත් ජීවතුන් අතරේ තමන්ගේ සහෝදරියගේ ගෙදරට ඇවිත් තියෙනවා. මේ සිදුවීම මුළු ප්රදේශයම ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.
මේ පුද්ගලයා අතුරුදහන් වුණාට පස්සේ පවුලේ අය පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. පස්සේ හබරණ ප්රදේශයේ කැලෑවක තිබිලා හමුවුණු මළ සිරුරක් දැක්කම, ඒ ඇඳලා හිටපු ඇඳුම් අනුව පවුලේ අය හිතුවේ ඒ තමන්ගේ කෙනා කියලා. ඒ නිසා හරිම දුකෙන් ඒ දේහය භූමදාන කරලා පින්කම් පවා කරලා තියෙනවා. ඒත් අන්තිමේදී මේ පුද්ගලයා බස් එකකින් බැහැලා හරිම නිරෝගීව ගෙදරට ඇවිත් තියෙනවා. මේ දේ දැනගත්තම පවුලේ අය වගේම ගමේ හැමෝම පුදුම වුණා. කොහොම වුණත්, දැන් මේ සිද්ධිය ගැන කොකාවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback