ජනප්රිය ඇනිමේටඩ් කතා මාලාවක් වන Family Guy රසිකයන්ට මේ සැරේ Halloween උත්සවය වෙනුවෙන් අලුත්ම අත්දැකීමක් ලැබෙන්න යනවා. ‘Family Guy: Happy Hell-o-ween’ නමින් එන මේ විශේෂ කථාංගය ඔක්තෝබර් 5 වෙනිදා Hulu හරහා විකාශය වෙන්න නියමිතයි. මේ විශේෂ කථාංගයේදී ප්රසිද්ධ නළු Kieran Culkin යක්ෂයාගේ (Devil) හඬින් දායක වීම විශේෂත්වයක්. 2006 වසරේ ඉඳන්ම Family Guy කණ්ඩායම Halloween වෙනුවෙන් විශේෂ කථාංග නිර්මාණය කරනවා, ඉතින් මේ පාරත් ඒ සම්ප්රදාය අත්හරින්නේ නැහැ.
මේ කතාවේදී බ්රයන් සහ ස්ටූවි හදිසි අනතුරකින් මිය ගිහින් කෙලින්ම යන්නේ අපායට. අවුරුදු 24ක් තිස්සේ කරපු වැරදි වලට දඬුවම් විඳින්න ගියත්, අන්තිමට ඒ දෙන්නා යක්ෂයාවත් එපා කරවලා අපායේ පාලනය තමන්ගේ අතට ගන්නවා. ට්රේලරය බැලුවම අපායේ තියෙන විකාරරූපී දර්ශන, ගිනි ජාලා සහ විවිධ වධහිංසා මැද මේ දෙන්නා කරන දඟ වැඩ හොඳටම බලාගන්න පුළුවන්. පීටර් ග්රිෆින් පවා මේ කතාවට සම්බන්ධ වෙන්නේ හරිම විහිලු සහගත විදිහකට. Seth MacFarlane ගේ නිර්මාණයක් විදිහට එන මේ කථාංගය ඇත්තටම හිනා වෙලා බලන්න පුළුවන් අපූරු එකක් වෙයි කියලා තමයි රසිකයන් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback