අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල වෙනසක් කරන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කරලා තියෙනවා. දැනට අපේ රටේ රෝගීන් කෙලින්ම රෝහල්වලට ගිහින් ප්‍රතිකාර ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඉදිරියේදී මේ ක්‍රමය වෙනස් කරලා, රෝගියෙක් රෝහලකට යන්න කලින් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවීම අනිවාර්ය කරන්නයි රජය සැලසුම් කරන්නේ. මේ සඳහා රට පුරා ‘ආරෝග්‍යා’ නමින් මධ්‍යස්ථාන 1000ක් අලුතින් පිහිටුවන්නත් නියමිතයි.
මේ ගැන අදහස් දක්වපු ජනාධිපතිතුමා කිව්වේ, සුළු අසනීපයකට වුණත් රෝහල්වලට දිවයන එක නතර කරන්න ඕනේ කියලයි. සමහර වෙලාවට කොත්තමල්ලි ටිකක් බීලා විවේක ගත්තම සනීප වෙන්න පුළුවන් දේවල්වලට පවා රෝහල්වලට යන එකෙන් කාලය සහ සම්පත් අපතේ යනවා. අපේ රටේ ජනගහනය කෝටි දෙකක් වුණාට, රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලට වසරකට මිලියන 80ක් විතර රෝගීන් එනවා. මේක ඇත්තටම ලොකු අක්‍රමවත් බවක්.
ඉදිරියේදී මේ නව ක්‍රමය හරහා පවුලේ වෛද්‍යවරයාගේ නිර්දේශය මත විතරක් ප්‍රධාන රෝහල්වලට යොමු කිරීම සිද්ධ වෙනවා. මේකෙන් රෝගීන්ට වගේම රෝහල් පද්ධතියටත් ලොකු සහනයක් ලැබෙනවා වගේම, අනවශ්‍ය විදියට බෙහෙත් නාස්ති වෙන එකත් නතර කරන්න පුළුවන් වෙයි කියලා ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Discussion & Feedback