අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ලොකු වෙනසක් කරන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කරලා තියෙනවා. දැනට අපේ රටේ රෝගීන් කෙලින්ම රෝහල්වලට ගිහින් පෝලිම් ගැහෙන ක්‍රමයක්නේ තියෙන්නේ. ඒ වෙනුවට ඉදිරියේදී පවුලේ වෛද්‍යවරයෙක් හරහා ප්‍රතිකාර ලබාගන්නා ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න තමයි රජය සැලසුම් කරන්නේ. ඒ සඳහා රට පුරාම ‘ආරෝග්‍යා’ නමින් මධ්‍යස්ථාන 1000ක් පිහිටුවන්නත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමය යටතේ රෝගියෙක් ප්‍රධාන රෝහලකට යන්න කලින් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා නිර්දේශයක් ලබාගන්න ඕනේ.
මේ ගැන අදහස් දක්වපු ජනාධිපතිවරයා කිව්වේ, සුළු රෝගාබාධවලට පවා රෝහල්වලට දිවයන එක නතර කරන්න ඕනේ කියලයි. සමහර වෙලාවට කොත්තමල්ලි ටිකක් බීලා විවේක ගත්තම සනීප වෙන දේකටත් රෝහල්වලට යනවා. ඒ වගේම බෙහෙත් දුන්නට පස්සේ ඒවා හරියට බොන්නේ නැති එකත් ලොකු අපරාධයක්. අපේ රටේ ජනගහනය මිලියන 22ක් වුණාට අවුරුද්දකට මිලියන 80ක් විතර රෝගීන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නවා. මේක ඇත්තටම ලොකු අක්‍රමවත් බවක්. ඒ නිසා මේ නව ක්‍රමය හරහා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්නත්, රෝහල්වල තියෙන අනවශ්‍ය තදබදය අඩු කරන්නත් පුළුවන් වෙයි කියලා තමයි රජය විශ්වාස කරන්නේ.

Discussion & Feedback