Fallout ක්රීඩාවට ආදරය කරන රසිකයන්ට ගොඩක් කාලෙකට පස්සේ සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ලැබිලා තියෙනවා. අවුරුදු අටකට පස්සේ නැවතත් Fallout ලෝකය අලුත් නිර්මාණ රැසක් සමඟින් 2027 වසරේදී කරළියට එන්න සූදානම් වෙනවා. Bethesda සමාගම මේ දිනවල Fallout 3 හි ප්රතිනිර්මාණයක් (remake) ගැන වැඩ කරන අතර, Obsidian Entertainment ආයතනයත් අලුත් ව්යාපෘතියක් සමඟින් මේ ගමනට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම Fallout 76 ක්රීඩාවෙන් ලැබුණු සාර්ථකත්වයත් එක්ක, රසිකයන්ට දිගින් දිගටම අලුත් අත්දැකීම් ලබා දෙන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
මේ අතරතුර, Fallout රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරමින් අතිවිශාල මුදලක් වැය කරලා හදපු අලුත්ම නිර්මාණයක් ගැනත් ආරංචි වෙලා තියෙනවා. ඒ තමයි ‘T-60 Rust Power Armor’ කියන 1/6 පරිමාණයේ අතිශය විස්තරාත්මක ඇක්ෂන් ෆිගර් එක. මේකේ මිල ඇමරිකානු ඩොලර් 430ක් වගේ විශාල මුදලක් වෙනවා. මේ ෆිගර් එකේ කොටස් 35ක් චලනය කරන්න පුළුවන් වගේම, ඉතාම සියුම් විස්තර සහිතව නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ අලුත් නිර්මාණ සහ ඉදිරියේදී එන්න තියෙන ක්රීඩා නිසා Fallout රසිකයන්ට ඉදිරි කාලය ගොඩක් උද්යෝගිමත් එකක් වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

Discussion & Feedback