Fallout රසිකයන් ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන ඉන්න Fallout 5 ක්රීඩාව ගැන අලුත්ම ආරංචි ටිකක් දැන් එළියට ඇවිත් තියෙනවා. හැබැයි මේ ආරංචිත් එක්ක ගේමර්ස්ලා අතර ලොකු මතභේදයක් ඇතිවෙලා තියෙනවා. Bethesda ආයතනයේ ප්රධානී ටොඩ් හොවාර්ඩ් කියන විදිහට, Fallout 5 කතාව ගොඩනැගෙන්නේ දැනට විකාශය වෙන Fallout ටෙලි නාට්යයේ සිදුවීම් පදනම් කරගෙනයි. මේකෙන් අදහස් වෙන්නේ ටෙලි නාට්යයේ තියෙන කතා තේමාවන් සහ සිදුවීම් අනාගත ක්රීඩාවටත් බලපානවා කියන එකයි.
මේ තීරණය ගැන රසිකයන් දෙපැත්තකට බෙදිලා ඉන්නේ. සමහර අය කියන්නේ මේ විදිහට ටෙලි නාට්යයේ තියෙන දේවල් ක්රීඩාවට එකතු කරන එකෙන් කලින් තිබුණු Fallout ලෝකයේ තිබුණු අගය නැතිවෙනවා කියලා. විශේෂයෙන්ම NCR වගේ පැරණි කණ්ඩායම්වලට සිදුවෙන දේවල් ගැන ගොඩක් අය කලකිරීමෙන් ඉන්නේ. ඒත් තවත් පිරිසක් කියන්නේ මේක ස්වාභාවිකවම වෙන්න ඕන දෙයක් කියලා. කොහොම වුණත්, Fallout 5 ගැන තවමත් නිශ්චිත තොරතුරු ලැබිලා නැති නිසා, මේ අලුත් වෙනස්කම් එක්ක ක්රීඩාව කොහොම වෙයිද කියලා බලාගන්න නම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා.

Discussion & Feedback