පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ක්‍රියාත්මක වුණු දැවැන්ත අන්තර්ජාල වංචා ජාලයක් වටලා සැකකරුවන් 212 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීන් සමත් වෙලා තියෙනවා. මෙම වැටලීම් සිදුකරලා තියෙන්නේ පාකිස්තානයේ ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය මගින්. ඔවුන් ඉස්ලාමාබාද්හි E-11 සහ G-10 ප්‍රදේශවල පවත්වාගෙන ගිය නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන තමයි මෙම මෙහෙයුම දියත් කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තානුවන් වගේම චීන ජාතිකයින් පිරිසකුත් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ.
මෙම ජාවාරම්කරුවන් ගූගල් ආයතනයේ නියෝජිතයින් ලෙස පෙනී සිටිමින්, ව්‍යාජ ඔන්ලයින් රැකියා ලබා දෙන බව පවසමින් සහ ආදර සම්බන්ධතා මවාපාමින් ජනතාව මුලා කරලා තියෙනවා. වැටලීමේදී පරිගණක, ලැප්ටොප් සහ ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. මේ ජාවාරම ඉන්දියාව සහ බ්‍රසීලය වැනි රටවල ක්‍රියාත්මක වන ජාලයන් සමඟ සම්බන්ධතා පවත්වනවාද යන්න ගැනත් මේ වන විට විමර්ශන සිදුවෙනවා. අත්අඩංගුවට ගත් පිරිසගේ මූල්‍ය ගනුදෙනු සහ ඔවුන්ගේ කාර්යභාරය ගැන ඉදිරි පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

Discussion & Feedback