අභ්යවකාශ තාක්ෂණයේ අලුත්ම පෙරළියක් විදිහට ස්පාඤ්ඤයේ ‘ක්රෙයෝස් ස්පේස්’ (Kreios Space) සමාගම ලොව ප්රථම වතාවට වාතය මගින් ක්රියාත්මක වන චන්ද්රිකා එන්ජිමක් අත්හදා බලන්න සූදානම් වෙනවා. සාමාන්යයෙන් චන්ද්රිකා අභ්යවකාශයේ ගමන් කරන්නේ ඉන්ධන භාවිතා කරලයි. නමුත් මේ අලුත් තාක්ෂණය මගින් පෘථිවිය වටා තියෙන ඉතා පහළ වායුගෝලයේ (VLEO) තියෙන වාතය උරාගෙන, එය රත් කර අයනීකරණය කිරීමෙන් චන්ද්රිකාව ඉදිරියට තල්ලු කරන බලය ලබා ගන්නවා. මේ නිසා චන්ද්රිකාවලට ඉන්ධන රැගෙන යාමේ අවශ්යතාවය මගහැරෙනවා වගේම, දීර්ඝ කාලයක් අභ්යවකාශයේ රැඳී සිටින්නත් පුළුවන් වෙනවා.
මේ තාක්ෂණය නිසා චන්ද්රිකාවලට පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන්න පුළුවන් වෙන නිසා, පෘථිවිය නිරීක්ෂණය කිරීමේදී ඉතා පැහැදිලි සහ උසස් තත්ත්වයේ ඡායාරූප ලබාගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දැනට පෘථිවිය වටා තියෙන චන්ද්රිකා තදබදයත් මේ නිසා අඩු කරගන්න පුළුවන්. ලිතුවේනියාවේ ‘කොන්ග්ස්බර්ග් නැනෝ ඇවියෝනික්ස්’ (Kongsberg NanoAvionics) සමාගම සමඟ එකතු වෙලා ක්රෙයෝස් ස්පේස් ආයතනය මේ අභියෝගාත්මක මෙහෙයුම දියත් කරන්න කටයුතු කරනවා. 2027 වසරේදී මේ අලුත් තාක්ෂණය අභ්යවකාශයේදී අත්හදා බලන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ දියුණුව අනාගතයේදී අභ්යවකාශ ගවේෂණ කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම එකක් කරාවි කියලා තමයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback