බදුල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාර කිහිපයක සිදුකළ හදිසි වැටලීම්වලදී කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ සහ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන තියෙනවා. දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන ප්‍රදේශවල පිහිටි රසායනාගාර ඉලක්ක කරගෙන දින දෙකක් පුරා මෙම වැටලීම් සිදුකර තිබුණා. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක වන මෙවැනි රසායනාගාරවල මෙලෙස කල් ඉකුත් වූ ද්‍රව්‍ය භාවිත කිරීම බරපතළ නීති විරෝධී ක්‍රියාවක් බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
මෙම වැටලීම්වලදී හමුවූ කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ මගින් රෝගීන්ගේ පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවයට විශාල බලපෑමක් සිදුවිය හැකි බවත්, එය ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන ක්‍රියාවක් බවත් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා. අදාළ රසායනාගාරවල හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වන විටත් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදීත් දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරන බවත්, රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් බලධාරීන් අවධාරණය කරනවා.

Discussion & Feedback