ධවල මන්දිරයේ හිටපු ටෙලිප්‍රොම්ප්ටර් ක්‍රියාකරුවෙක් වන ගේබ්‍රියෙල් පෙරෙස්, තමන්ට ලැබුණු රහසිගත තොරතුරු පාවිච්චි කරලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතා සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියක් නිසා ලොකු කරදරයක වැටිලා තියෙනවා. ඔහු 2025 දෙසැම්බර් සහ 2026 පෙබරවාරි අතර කාලයේදී ‘Kalshi’ කියන ඔට්ටු ඇල්ලීමේ වේදිකාව හරහා මේ දේවල් කරලා තියෙන්නේ. මේ නිසා ඔහුට ඇමරිකානු ඩොලර් 172,000කට වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඔහුට ඉදිරි වසර තුනක කාලයකට වෙළඳාම් කිරීමේ තහනමකුත් පනවලා තියෙනවා.
ඇමරිකාවේ භාණ්ඩ අනාගත වෙළඳ කොමිෂන් සභාව (CFTC) කියන විදිහට, පෙරෙස් තමන්ගේ රාජකාරිමය විශ්වාසය කඩ කරලා මේ විදිහට අනිසි ලාභ ලබාගෙන තියෙනවා. ඔහු උපයා ගත් ඩොලර් 107,539ක ලාභය ආපසු භාර දෙන්නත්, දඩ මුදලක් විදිහට ඩොලර් 65,000ක් ගෙවන්නත් ඔහුට නියෝග කරලා තියෙනවා. පරීක්ෂණවලට ඔහු ලබා දුන්නු සහයෝගය නිසා දඩ මුදල යම් ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේ සිද්ධිය නිසා ඔහු දැනටමත් ධවල මන්දිරයේ සේවයෙන් ඉවත් වෙලා ඉන්නේ.
මේ වගේ දේවල් වෙන්න පටන් ගත්තේ ‘Kalshi’ වේදිකාවේ විශ්ලේෂකයන්ට අසාමාන්‍ය ඔට්ටු ඇල්ලීම් කිහිපයක් නිරීක්ෂණය වෙන්න පටන් ගත්තට පස්සේ. ජනාධිපතිවරයෙක් වගේ කෙනෙක් කතාවකදී පාවිච්චි කරන වචන පවා කොටස් වෙළඳපොළට ලොකු බලපෑමක් කරන නිසා, මේ වගේ දේවල් ඉතාමත් බරපතළ විදිහටයි බලධාරීන් සලකන්නේ. කොහොම වුණත්, මේ සිද්ධියෙන් පස්සේ ධවල මන්දිරයේ සේවකයන්ට ඔට්ටු ඇල්ලීමේ වේදිකාවල ගනුදෙනු කිරීම තහනම් කරමින් දැඩි නීති රීති පවා පනවලා තියෙනවා.

Discussion & Feedback