කොළඹ ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. පසුගිය ජූලි 13 වෙනිදා කොල්ලුපිටියේදී පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන පැමිණි පිරිසක් චීන ජාතිකයෙක් ගමන් කරමින් තිබූ වාහනයක් නවත්වලා, ඔහුගේ ලියකියවිලි පරීක්ෂා කරන මුවාවෙන් මේ මුදල් මල්ල පැහැරගෙන පලා ගොස් තිබුණා. මේ සිද්ධිය අසල තිබූ සීසීටීවී කැමරාවලත් ඉතා පැහැදිලිව සටහන් වෙලා තිබුණා.
සිද්ධිය වන අවස්ථාවේ අසල මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා සැකකරුවෙක්ව අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ මේ කොල්ලකෑම පිටුපස තවත් පිරිසක් ඉන්නා බව පොලිසියට අනාවරණය වුණා. මේ අනුව තවත් චීන ජාතිකයෙක් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර, හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මුදල් බෙදාගැනීම සඳහා අසල රැඳී සිටි බවත්, පසුව පොලිසිය පැමිණි බව දැනගත් වහාම ඔවුන් පලා ගිය බවත් විමර්ශනවලදී හෙළි වුණා.
පසුව පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයාව අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Discussion & Feedback