කෙන්යාවේ මිගෝරි ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ඔකොත් ඔබාඩෝ, තමන් සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ 26 හැවිරිදි ගැබිනි විශ්වවිද්‍යාල සිසුවියක් වන ෂැරන් ඔටිනෝව ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබෙනවා. 2018 වසරේදී මෙම සිසුවියගේ සිරුර කෙන්යාවේ බටහිර ප්‍රදේශයක පඳුරු සහිත ප්‍රදේශයක තිබී හමුවුණේ ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කර තිබියදීයි. මෙම ඝාතනය සැලසුම් කිරීමේ චෝදනාවට ආණ්ඩුකාරවරයා සමඟ ඔහුගේ පුද්ගලික සහායකයා සහ ප්‍රාන්ත ලිපිකරු ද වරදකරුවන් බවයි අධිකරණය ප්‍රකාශ කළේ.
මෙම සිදුවීම එකල මුළු කෙන්යාවම කම්පනයට පත් කළ අතර, කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇති කළා. අධිකරණ තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරිය සඳහන් කළේ, තමන්ට අවශ්‍ය නොවූ ගැබ් ගැනීමක් නිසා ආණ්ඩුකාරවරයා විසින් මෙම අපරාධය සිදු කිරීමට අවශ්‍ය මුදල් සහ සැලසුම් සකස් කර ඇති බවයි. ඝාතනයට ලක්වූ සිසුවිය සමඟ ගමන් කළ මාධ්‍යවේදියෙකු පැහැරගැනීමෙන් බේරී පලා යාම මෙම නඩුවේ තීරණාත්මක සාක්ෂියක් වුණා. මේ වන විට වරදකරුවන් තිදෙනාම දඬුවම් නියම වන තෙක් රඳවා සිටින අතර, වින්දිතයාගේ පවුලේ අය පවසන්නේ අවසානයේ ෂැරන්ට යුක්තිය ඉටු වූ බවයි.

Discussion & Feedback