ඇමරිකානු හිටපු කොංග්රස් මන්ත්‍රී ජෝර්ජ් සැන්ටෝස් සම්බන්ධයෙන් අලුත්ම ආරංචියක් වාර්තා වෙනවා. ඒ ඔහුට ‘Kalshi’ කියන ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියෙන් ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමත් එක්කයි. සැන්ටෝස් තමන්ගේම දේශපාලන කටයුතු සම්බන්ධයෙන් රහසිගත තොරතුරු භාවිතා කරලා ඔට්ටු ඇල්ලීම නිසා තමයි මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ දේශනයකට ඔහු සහභාගි වෙනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් ඔහු ඔට්ටු අල්ලලා ලාභ ලබාගෙන තියෙනවා. මේක ඇතුළත තොරතුරු භාවිතා කරලා කරපු වංචාවක් විදිහටයි එම ආයතනය හඳුන්වන්නේ.
මේ සිද්ධිය නිසා සැන්ටෝස්ට ඇමරිකානු ඩොලර් 71,356ක දඩයක් ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඔහු කලින් වයර් ෆ්රෝඩ් සහ අනන්‍යතා සොරකම් කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳලා, පස්සේ ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගයකින් නිදහස් වුණ කෙනෙක්. කොහොම වුණත්, මේ සිද්ධියෙන් පස්සේ සැන්ටෝස් සමාජ මාධ්‍ය හරහා උපහාසාත්මක ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. මේ දවස්වල ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවිවලට නීතිමය වශයෙන් ලොකු පීඩනයක් එල්ල වෙමින් පවතින අතර, සැන්ටෝස්ගේ මේ ක්‍රියාව නිසා ඉදිරියේදී මේ වගේ වේදිකාවල නීති රීති තවත් දැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

Discussion & Feedback