ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්රියත්වයට පත් ක්රිස්ටින් හැනාගේ ‘ද නයිටිංගේල්’ (The Nightingale) නවකතාව ඇසුරින් නිර්මාණය වන චිත්රපටය ගැන මේ වන විට රසිකයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා වරින් වර කල් ගිය මේ සිනමා නිර්මාණය දැන් ඉතාමත් සාර්ථකව ඉදිරියට යනවා. මේ චිත්රපටය 2027 වසරේ මාර්තු 19 වැනිදා ලොව පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මානු ආක්රමණයට ලක්වූ ප්රංශයේ ජීවත් වන සහෝදරියන් දෙදෙනෙකුගේ සංවේදී සහ අභියෝගාත්මක ජීවිත කතාව මෙයින් නිරූපණය වෙනවා.
මෙම චිත්රපටයේ ප්රධාන චරිත වන වියන් සහ ඉසබෙල් ලෙස රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩයේ ජනප්රිය සහෝදරියන් වන ඩැකෝටා ෆැනිං සහ එල් ෆැනිං විසින්. ඔවුන් දෙදෙනාම මේ චිත්රපටයේ නිෂ්පාදනයටත් දායක වෙනවා. මීට අමතරව එඩ්මන්ඩ් ඩොනොවන්, මාර්ක් රයිලන්ස් සහ ශිරා හාස් වැනි දක්ෂ නළු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් එක්වෙනවා. මයිකල් මොරිස් විසින් අධ්යක්ෂණය කරන මෙම චිත්රපටයේ තිර රචනය ඩනා ස්ටීවන්ස් අතින් සිදුවෙනවා. දැනට බුඩාපෙස්ට් නුවරදී චිත්රපටයේ රූගත කිරීම් කටයුතු ඉතාමත් උද්යෝගිමත්ව සිදුවෙමින් පවතින අතර, ලොව පුරා සිටින රසිකයන් මේ සිනමා කෘතිය දෙස බලා සිටින්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback