ඇමරිකානු ඉතිහාසයේ 1870 සිට 1900 දක්වා කාලපරිච්ඡේදය පාදක කරගෙන නිර්මාණය වුණු ජනප්රිය ‘ද ගිල්ඩඩ් ඒජ්’ (The Gilded Age) කතාමාලාවේ සිව්වන කොටස ගැන රසිකයන් අතර ලොකු උනන්දුවක් තියෙනවා. ලැබෙන ආරංචි මාර්ග අනුව, මේ නවතම කොටස 2026 වසරේදී අපිට බලාගන්න පුළුවන්. දැනටමත් මේ කතාමාලාවේ රූගත කිරීම් අවසන් කරලා තියෙන බව ප්රධාන නිළි කැරී කූන් ඇගේ සමාජ මාධ්ය හරහා තහවුරු කරලා තියෙනවා. කතාංග 8කින් සමන්විත මේ නවතම සීසන් එකේදී පෙරටත් වඩා වැඩි උද්වේගකර සිදුවීම් රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මේ නවතම කොටසට අලුත් චරිත රැසක් එකතු වෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ 22 වන ජනාධිපති ග්රෝවර් ක්ලීව්ලන්ඩ්ගේ චරිතය සඳහා ජිම් ගැෆිගන් එක්වෙනවා. ඒ වගේම ජෝර්ඩන් ඩොනිකා, ඇෂ්ලි ඇට්කින්සන් සහ කෙලී කරන් වැනි නළු නිළියන් ප්රධාන චරිත ලෙස උසස්වීම් ලබා තිබීමත් විශේෂත්වයක්. පසුගිය සීසන් එකේදී බර්තා සහ ජෝර්ජ් අතර ඇතිවුණු ගැටුම්, ලැරී සහ මේරියන්ගේ ආදර කතාවේ සිදුවුණු බිඳවැටීම් වගේම ග්ලැඩිස්ගේ විවාහය වැනි සිදුවීම් නිසා කතාවේ ඉදිරි කොටස ඉතාම කුතුහලයෙන් පිරුණු එකක් වේවි.
පෙර සීසන්වල සිටි ප්රධාන නළු නිළියන් සියල්ලම පාහේ මේ නවතම කොටසටත් එකතු වෙනවා. ඉතිහාසයේ සිදුවුණු සැබෑ සිදුවීම් සහ ප්රබන්ධ කතා එකතු කරලා නිර්මාණය වුණු මේ කතාමාලාව, 19 වන සියවසේ අගභාගයේ ඇමරිකානු සමාජයේ තිබුණු පන්ති භේදය සහ බල අරගලය ඉතාම ලස්සනට අපිට පෙන්වා දෙනවා. ඉතින්, මේ කතාමාලාවේ රසිකයෙක් නම් 2026 වසර එනතුරු ඉවසිල්ලෙන් බලා ඉන්න සිදුවේවි.

Discussion & Feedback