ලොව පුරාම රසිකයන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න HBO ආයතනයේ හැරී පොටර් ටීවී කතාමාලාව ගැන අලුත්ම ආරංචි ටිකක් දැන් එළියට ඇවිත් තියෙනවා. පළමු වාරය 2026 නත්තල් දවසේ විකාශය වෙන්න නියමිත වුණත්, නිෂ්පාදකවරු දැනටමත් දෙවන වාරය වෙනුවෙන් ලොකු සැලසුම් ගහමින් ඉන්නවා. මේ වසරේ අගභාගයේදීම දෙවන වාරයේ වැඩ කටයුතු පටන් ගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. කතාමාලාවේ වේගය වැඩි කරන්න ජොන් බ්රවුන්ව සම-නිෂ්පාදකවරයෙක් විදිහට අලුතින් එකතු කරගෙන තියෙනවා.
දෙවන වාරයේ රංගන ශිල්පීන් ගැනත් ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙලා තියෙනවා. ජිනී වීස්ලිගේ චරිතයට බොනී හිල්ව අලුතින් තෝරාගෙන තියෙනවා වගේම, ඩොබීගේ චරිතයට ලෙනී රෂ් සහ ටොම් රිඩ්ල්ගේ චරිතයට බිලී බැරට්ව එකතු කරගෙන තියෙනවා. ඒ වගේම ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයට කිට් හැරින්ටන් රංගනයෙන් දායක වෙනවා. මෝනින් මර්ට්ල්, ආතර් වීස්ලි සහ කොලින් ක්රීවී වගේ චරිත සඳහාත් නවක නළු නිළියන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. හැරී පොටර් පොත් මාලාවේ සෑම පොතක්ම එක වාරයක් විදිහට නිර්මාණය කරන්න තමයි ඔවුන්ගේ අදහස තියෙන්නේ. ඉතින් මේ අලුත්ම නිර්මාණය ගැන රසිකයන් විදිහට අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

Discussion & Feedback