ලොව පුරා රසිකයන් ආදරය කරන ජේන් ඔස්ටින්ගේ සුප්රසිද්ධ ‘ප්රයිඩ් ඇන්ඩ් ප්රෙජුඩිස්’ නවකතාව ඇසුරින් නිර්මාණය වන අලුත්ම ටෙලි කතාමාලාව මේ වසරේ අගභාගයේදී නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වීමට නියමිතයි. කොටස් හයකින් සමන්විත මෙම සීමිත කතාමාලාව සඳහා ප්රවීණ මෙන්ම නැගී එන දක්ෂ රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිනවා. මෙහි එලිසබෙත් බෙනට්ගේ චරිතයට එමා කොරින් පණ පොවන අතර, මිස්ටර් ඩාර්සි ලෙස ජැක් ලෝඩන් රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව ඔලිවියා කෝල්මන් සහ රූෆස් සෙවෙල් වැනි ප්රවීණයන් ද මෙයට එක්ව සිටීම විශේෂත්වයක්.
මෙම කතාමාලාවේ තිර රචනය සිදුකර තිබෙන්නේ ඩොලි ඇල්ඩර්ටන් විසින් වන අතර, අධ්යක්ෂණය යුරෝස් ලින් විසින් සිදුකරනවා. එලිසබෙත් බෙනට් සහ ඇගේ සහෝදරියන්ගේ විවාහ ජීවිතය සහ ඔවුන් මුහුණ දෙන සමාජ අභියෝග වටා මෙම කතාව ගෙතී තිබෙනවා. දැනටමත් මෙහි ටීසර් දර්ශන කිහිපයක් නිකුත් වී ඇති අතර, රසිකයන් බොහෝ දෙනෙක් මෙම නවතම අනුවාදය නැරඹීමට දැඩි උනන්දුවකින් පසුවනවා. පැරණි කතා පුවත අලුත් මුහුණුවරකින් සහ නවීන තාක්ෂණයෙන් යුතුව නැරඹීමට ලැබීම සිනමා ලෝලීන්ට ලැබෙන අපූරු අවස්ථාවක් වේවි.

Discussion & Feedback