හැනා ග්රේස් ලියපු ජනප්රිය ‘Icebreaker’ නවකතාව ඇසුරෙන් නෙට්ෆ්ලික්ස් ආයතනය අලුත්ම කතාමාලාවක් නිර්මාණය කරන්න පටන් අරන් තියෙනවා. මේ කතාව ගෙතෙන්නේ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගන්න හීන දකින ක්රීඩිකාවක් වන ඇනස්ටේෂියා ඇලන් සහ NHL ලීගයට යන්න බලාගෙන ඉන්න හොකී ක්රීඩක නේට් හොකින්ස් වටායි. මේ දෙන්නගේ කණ්ඩායම් දෙකට එකම ක්රීඩාංගනයක පුහුණුවීම් කරන්න සිද්ධ වුණාම මොකද වෙන්නේ කියන එක තමයි මේ කතාවේ තියෙන රසවත්ම කොටස. දැනට මේ කතාමාලාවේ රූගත කිරීම් සහ නළු නිළියන් තෝරාගැනීම් සිද්ධ වෙනවා.
මේ කතාමාලාවේ ප්රධාන චරිත දෙක වන ඇනස්ටේෂියා සහ නේට් විදිහට රඟපාන්නේ ඩේසි ජෙලි සහ කොනර් සයිමෝස්. ඒ වගේම ගේබ්රියෙල් ටියර්නි, අවුලි ක්රවාල්හෝ, පීටර් බෙරී, චැනෙල් කුලර් වගේ තවත් දක්ෂ නළු නිළියන් රැසක් මේ සඳහා එකතු වෙලා ඉන්නවා. ජේඩ් හැලි බාට්ලට් මේ කතාමාලාව නිර්මාණය කරන අතර අමන්දා ලැෂර් මෙහි ප්රධාන නිෂ්පාදකවරිය විදිහට වැඩ කරනවා. මේ කතාමාලාව නෙට්ෆ්ලික්ස් හරහා කවදා විකාශය වෙයිද කියලා තාම නිශ්චිත දිනයක් ප්රකාශ කරලා නැහැ.
හොකී ක්රීඩාව වටා ගෙතුණු තවත් කතාමාලාවක් වන ‘The Sticks’ නිර්මාණයත් මේ දවස්වල නෙට්ෆ්ලික්ස් හරහා සිද්ධ වෙනවා. ඒ නිසා ඉදිරියේදී ක්රීඩා ලෝලීන්ට සහ ආදර කතා වලට කැමති අයට මේ කතාමාලා දෙකම නෙට්ෆ්ලික්ස් හරහා බලන්න පුළුවන් වෙයි. ‘Icebreaker’ කතාවේ තියෙන ආදරය, තරඟකාරීත්වය සහ ක්රීඩාව ගැන තියෙන උනන්දුව නිසා මේක ලොකු ජනප්රියත්වයක් ලබයි කියලා තමයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback