වෙනිසියුලාවේ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ රික්ටර් මාපකයේ 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් හේතුවෙන් මේ වන විට මුළු රටම දැඩි ශෝකයකට පත්වෙලා. ලා ගුයිරා ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසක ගොඩනැගිලි සිය ගණනක් සුන්බුන් බවට පත්වෙලා තියෙනවා. නිල වාර්තාවලට අනුව මේ වන විට මරණ 1430ක් තහවුරු කරගෙන තිබුණත්, තවත් 50,000ක් පමණ අතුරුදහන් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. සුන්බුන් අතර සිරවී සිටින තම ආදරණීයයන් සොයා පවුල්වල සාමාජිකයන් අසරණව බලා සිටින අයුරු හරිම සංවේදී දසුනක්. තමන්ගේ දරුවා හෝ ඥාතියා සුන්බුන් යට සිටින බවට විශ්වාස කරන පිරිස්, ඔවුන්ගේ හඬක් හෝ ඇසේදැයි බලාපොරොත්තුවෙන් ඉතාම අසීරු තත්ත්වයක කාලය ගත කරනවා.
මේ මොහොතේ බේරාගැනීමේ කටයුතු සඳහා මෙක්සිකෝව, ස්පාඤ්ඤය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවලින් සහන කණ්ඩායම් පැමිණ සිටියත්, අවශ්‍ය නවීන උපකරණ නොමැතිකම නිසා වැඩකටයුතු ඉතාම මන්දගාමී වෙලා. සුන්බුන් අතරින් ඇසෙන සුළු ශබ්දයක් හෝ හඳුනාගන්නට සොල්දාදුවන් සහ ස්වේච්ඡා සේවකයන් නිරන්තරයෙන් උත්සාහ කරනවා. සමහරු ඩ්‍රෝන කැමරා ආධාරයෙන් සුන්බුන් පරීක්ෂා කරන අතර, තවත් පිරිස් තම දෑතින්ම ගල් සහ කොන්ක්‍රීට් ඉවත් කරමින් ජීවිත බේරාගන්නට වෙහෙසෙනවා. “සෑම ජීවිතයක්ම ආශ්චර්යයක්” යැයි බලධාරීන් පවසන පරිදි, කාලයත් සමඟ ජීවිත බේරාගැනීමේ බලාපොරොත්තු ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින අතර, මේ වන විට සුන්බුන් අතරින් මළ සිරුරු වල ගඳ පවා දැනෙන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මේ ඉතාම තීරණාත්මක පැය කිහිපය තුළ හැකි උපරිමයෙන් මිනිසුන් බේරාගැනීමට රජය සහ සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback