HBO ආයතනය විසින් නිෂ්පාදනය කරන අලුත්ම හැරී පොටර් කතා මාලාවේ පළමු කොටස මේ වසරේ නත්තල් දිනේදී විකාශය වෙන්න නියමිතයි. මේ වෙනුවෙන් රූගත කිරීම් පසුගිය මැයි මාසයේදී අවසන් වුණා. 2001 වසරේදී සිනමා පටයක් විදිහට අපි දැකපු මේ කතාව, දැන් අලුත්ම විදිහකට ටෙලි නාට්‍යයක් විදිහට නිර්මාණය වෙද්දී, පැරණි සිනමා පටයේ රූගත කළ ස්ථාන බොහොමයක් නැවතත් භාවිත කරලා තියෙනවා. විශේෂයෙන්ම එංගලන්තයේ පිහිටි Leavesden චිත්‍රාගාරය තමයි මේ කතා මාලාවේ ප්‍රධාන මූලස්ථානය විදිහට යොදාගෙන තියෙන්නේ. හොග්වර්ට්ස් මායා පාසලේ අභ්‍යන්තර දර්ශන සහ ඩයගන් ඇලී වැනි දර්ශන සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ මෙතැනදීයි.
මේ රූගත කිරීම් සඳහා ලන්ඩන් සත්වෝද්‍යානය, කිංග්ස් ක්‍රොස් දුම්රිය ස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වැනි ප්‍රසිද්ධ ස්ථාන රැසක් යොදාගෙන තියෙනවා. හැරී පොටර් මුලින්ම ඉගෙන ගත් පාසල රූගත කරලා තියෙන්නේ හෙමෙල් හෙම්ප්ස්ටෙඩ් පාසලේදී. ඒ වගේම, හැරී සහ වෙස්ලි පවුලේ අය මුලින්ම මුණගැසෙන 9 3/4 වේදිකාව සඳහා කිංග්ස් ක්‍රොස් දුම්රිය ස්ථානය යොදාගෙන තියෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැරණි ගොඩනැගිලි හොග්වර්ට්ස් රෝහල සහ පුස්තකාලය විදිහට නැවතත් අපිට දකින්න ලැබෙනවා. බෙරිබෂස් ගොවිපළේදී ක්විඩිච් ක්‍රීඩාංගණය සහ තවත් එළිමහන් දර්ශන රැසක් නිර්මාණය කරලා තියෙනවා. මේ සියලුම ස්ථාන හරහා හැරී පොටර් ලෝකය නැවතත් අලුත් විදිහකට අපේ ඇස් ඉදිරිපිට මැවෙනු ඇති.

Discussion & Feedback