ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ 250 වන නිදහස් දිනය පසුගියදා ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. මේ සැමරුම් උත්සවයේ විශේෂත්වය වුණේ, පොළොවේ පැවති ගිනිකෙළි සංදර්ශන අභ්යවකාශයේ සිටින ගගනගාමීන්ට පවා ඉතා පැහැදිලිව දැකගන්න ලැබීමයි. ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය ලොස් ඇන්ජලීස් නගරය හරහා ගමන් කරන විට, නගරය පුරාම එකවර දැල්වුණු ගිනිකෙළි දර්ශනය අභ්යවකාශයේ සිට බලන විට හරියට ප්රසංගයක කැමරා ෆ්ලෑෂ් එළි වගේ දිලිසෙනවා. නාසා ආයතනය විසින් නිකුත් කළ තත්පර 15ක වීඩියෝවකින් මේ අපූරු දසුන ලෝකයටම දැකගන්න පුළුවන් වුණා.
මේ වන විට ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ ගගනගාමීන් හත් දෙනෙක් සේවය කරනවා. ඔවුන් අතර ඇමරිකානු ජාතිකයන් මෙන්ම යුරෝපීය සහ රුසියානු ගගනගාමීන් ද සිටිනවා. ඇමරිකාවේ මේ 250 වන සංවත්සරය වෙනුවෙන් නාසා ආයතනය විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. විශේෂයෙන්ම ආටෙමිස් 2 මෙහෙයුමේ රොකට්ටුවේ ‘ඇමරිකා 250’ ලාංඡනය ප්රදර්ශනය කිරීම සහ වොෂින්ටන් නුවර ඉහළින් ගුවන් යානා පෙළපාලි පැවැත්වීම වැනි දේවල් ඒ අතර ප්රධානයි. පොළොවේ සිට අභ්යවකාශය දක්වාම පැතිරුණු මේ සැමරුම ඇත්තටම හරිම අපූරු අත්දැකීමක් වුණා.

Discussion & Feedback