1998 වසරේ තිරගත වුණු ජනප්රිය ‘ප්රැක්ටිකල් මැජික්’ (Practical Magic) චිත්රපටයේ රඟපෑ එවාන් රේචල් වුඩ්, එහි දෙවන කොටස සඳහා තමන්ව සම්බන්ධ කර නොගැනීම ගැන ලොකු කනගාටුවකින් ඉන්නේ. සැන්ඩ්රා බුලොක් සහ නිකොල් කිඩ්මන් එක්ක ඒ කාලේ හරිම සමීප බැඳීමක් තිබුණ නිසා, වැඩිහිටියෙක් විදිහට ආයෙත් ඒ චරිතයට පණ පොවන්න ලැබුණා නම් ඒක හරිම අපූරු අත්දැකීමක් වෙන්න තිබුණා කියලා ඇය කියනවා. ඒ වගේම රසිකයන් වෙනුවෙන් ඒ පැරණි මතකයන් නැවත දකින්න ලැබීම වටිනා දෙයක් වුණත්, නිෂ්පාදකවරු තමන්ව මේ සඳහා තෝරා නොගැනීම ඇයට ලොකු කලකිරීමක් වෙලා තියෙනවා.
ඇය තවදුරටත් කියන්නේ මේ අලුත් චිත්රපටය නිර්මාණය වෙන්නේ ඇලිස් හොෆ්මන්ගේ පොත් මාලාව පදනම් කරගෙන වුණත්, ඔවුන් පොතේ තියෙන දේවල් හරියටම අනුගමනය කරන්නේ නැති බවයි. ඇත්තටම පොතේ හැටියට නම් තමන්ව ආයෙත් ඒ චරිතයට ගත්තා නම් ඒක ගොඩක් සාධාරණයි කියලා ඇය විශ්වාස කරනවා. කෙසේ වෙතත්, මේ චිත්රපටයේ කයිලි ඕවන්ස්ගේ චරිතය සඳහා දැන් තෝරාගෙන ඉන්නේ ජෝයි කිංව. තමන් මේ චිත්රපටයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියත්, නිෂ්පාදකවරු තමන්ව ප්රතික්ෂේප කිරීම තමන්ගේ පාලනයෙන් බැහැර දෙයක් බවත් ඇය සමාජ මාධ්ය ඔස්සේ රසිකයන්ට පැහැදිලි කරලා තියෙනවා.

Discussion & Feedback