මේ දවස්වල යුරෝපයට බලපාලා තියෙන දරුණු උණුසුම් කාලගුණය නිසා එහෙ භූ දර්ශන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. අභ්‍යවකාශයේ ඉඳන් ගත්ත චන්ද්‍රිකා ඡායාරූපවලින් මේ දේ හොඳටම පැහැදිලි වෙනවා. ග්‍රීෂ්ම සෘතුවේ පටන් ගත්ත මේ උණුසුම් රැල්ල නිසා ගංගා සිඳී ගිහින්, වනාන්තර ගිනි අරගෙන, හරිත පැහැයෙන් තිබුණු කෙත් යායවල් පවා වියළි දුඹුරු පැහැයට හැරිලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රංශයේ වර්සායි මාලිගය වටා තිබුණු හරිත වපසරිය දැන් දුඹුරු පැහැයෙන් යුත් වියළි බිමක් බවට පත්වෙලා තියෙනවා.
යුරෝපයේ දෙවැනි දිගම ගංගාව වන දානුබේ ගඟේ ජල මට්ටම පසුගිය වසර 30ක කාලය තුළ වාර්තා වුණු අඩුම මට්ටමට වැටිලා. මේ නිසා ගඟ පතුලේ තිබුණු දෙවන ලෝක යුද්ධ සමයේ නැවක් සහ මැමත් සතෙකුගේ ඇටසැකිල්ලක් පවා මතු වෙලා තියෙනවා. ඒ වගේම ඇල්ප්ස් කඳුකරයේ අයිස් තට්ටු දියවී යාම වේගවත් වෙලා තියෙනවා. දේශගුණික විපර්යාස සහ පොසිල ඉන්ධන දහනය නිසා ඇතිවෙන මේ උණුසුම් රැල්ල ඉදිරියේදී තවත් දරුණු වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයන් අනතුරු අඟවනවා. ප්‍රංශයේ පමණක් හෙක්ටයාර 90,000කට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් ලැව්ගිනි නිසා විනාශ වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇත්තටම ඉතාමත් කනගාටුදායකයි.

Discussion & Feedback