මේ දවස්වල යුරෝපය පුරාම හරිම දරුණු උණුසුම් කාලගුණයක් පැතිර යනවා. මේ නිසා දැනටමත් පුද්ගලයින් 1,300කට වඩා වැඩි පිරිසක් මියගිහින් තියෙනවා කියලා තමයි ලෝක සෞඛ්ය සංවිධානය කියන්නේ. යුරෝපය කියන්නේ ලෝකයේ අනිත් ප්රදේශවලට වඩා දෙගුණයක වේගයකින් උණුසුම් වන මහාද්වීපයක්. මේ තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම්, අභ්යවකාශයේ ඉඳන් පෘථිවිය නිරීක්ෂණය කරන යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ ‘සෙන්ටිනල්-3’ චන්ද්රිකාවට පවා මේ උණුසුම පැහැදිලිවම දකින්න පුළුවන් වෙලා තියෙනවා.
මේ චන්ද්රිකාවෙන් ලබාගත්ත ඡායාරූපවල රතු සහ දම් පාටින් පෙන්නුම් කරන්නේ පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන ප්රදේශයි. විශේෂයෙන්ම ස්පාඤ්ඤය, ප්රංශය සහ උතුරු අප්රිකාවේ සමහර ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 55ක් වගේ ඉහළ අගයකට ගිහින් තියෙනවා. මැඩ්රිඩ් සහ රෝමය වගේ නගරවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ත් 48ත් අතර අගයකට ඉහළ ගිහින් තියෙනවා. මේ වගේ උෂ්ණත්වයක් යුරෝපයේ මීට කලින් වාර්තා වෙලා නැති තරම්.
මේ සෙන්ටිනල්-3 චන්ද්රිකාවේ තියෙන විශේෂ උපකරණ මගින් ගොඩබිම සහ මුහුදේ උෂ්ණත්වය ගැන තත්ය කාලීන දත්ත ලබාගන්න පුළුවන්. මේ දත්ත හරහා විද්යාඥයින්ට මේ දරුණු කාලගුණික විපර්යාසවලට හේතු සහ ඒවා මිනිස් ජීවිතවලට බලපාන විදිහ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම වුණත්, ඉදිරියේදී මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්යාඥයින් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback