කැනඩාවට යුරෝපා සංගමයේ පළමු ‘සහකාර සාමාජිකයා’ ලෙස එක්වීමට දොරටු විවෘත කිරීමට යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් පියවර ගෙන තිබෙනවා. ස්ට්රාස්බර්ග් නුවරදී පැවති වාර්ෂික දේශනයේදී ඇය මේ බව ප්රකාශ කළේ කැනඩාව සහ යුරෝපා සංගමය අතර පවතින දැඩි සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්. විශේෂයෙන්ම කෘත්රිම බුද්ධිය, දේශගුණික විපර්යාස, බලශක්තිය සහ ආරක්ෂක අංශ වැනි ක්ෂේත්ර ගණනාවකදී දෙපාර්ශවයම එකම මතයක සිටින බව ඇය පෙන්වා දෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනය යටතේ කැනඩාව සහ ඇමරිකාව අතර වෙළඳ සබඳතා බිඳ වැටීමත් සමඟ කැනඩාව මෙවැනි උපායමාර්ගික සන්ධානයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
මෙම තීරණය කිසිදු රටකට එරෙහිව ගන්නා පියවරක් නොවන බවත්, එය යුරෝපයේ සහ කැනඩාවේ පොදු ශක්තිය වර්ධනය කර ගැනීම උදෙසා ගන්නා උපායමාර්ගික තීරණයක් බවත් වොන් ඩර් ලේයන් වැඩිදුරටත් අවධාරණය කළා. මීට අමතරව, රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමට එක්සත් රාජධානිය සහ යුක්රේනය ද ඇතුළත් වන පරිදි ‘යුරෝපීය ආරක්ෂක කවුන්සිලයක්’ පිහිටුවීමට ද ඇය යෝජනා කර තිබෙනවා. කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි ද මෙම අවස්ථාවට සහභාගී වී සිටින අතර, ඉදිරියේදී දෙපාර්ශවය අතර පවතින මෙම සුවිශේෂී සන්ධානය තවදුරටත් පුළුල් වනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback