සුඩානයේ පවතින දරුණු සිවිල් යුද්ධයට මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගයක් බවට පත්වෙලා තියෙන රන් වෙළඳාම නතර කරන්න යුරෝපා සංගමය තීරණය කරලා තියෙනවා. 2023 අප්‍රේල් මාසේ ඉඳන් සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර පවතින මේ ගැටුම නිසා මිලියන 14කට වැඩි පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. සුඩානය කියන්නේ අප්‍රිකාවේ තියෙන විශාලතම රන් නිෂ්පාදකයන්ගෙන් එකක්. මේ රන් සම්පත් තමයි යුද්ධ කරන දෙපාර්ශවයටම අවශ්‍ය මුදල් සපයන ප්‍රධානම මූලාශ්‍රය බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා යුරෝපා සංගමය සුඩානයෙන් රන් ආනයනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා.
මේ තහනමට අමතරව රන් පතල් කැණීම්වලට බහුලව පාවිච්චි කරන රසදිය සහ සයනයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය සුඩානයට අපනයනය කිරීමත් ඔවුන් නතර කරලා තියෙනවා. වාර්තා වෙන විදිහට සුඩානයේ රන්වලින් 70%ක් විතර හොර රහසේ රටින් පිට කරනවා. මේ රන් ප්‍රධාන වශයෙන් ඩුබායි වැනි රටවලට යවනවා. යුරෝපා සංගමය කියන්නේ මේ පියවර ගත්තේ යුද්ධයට මුදල් ලැබෙන මාර්ග අවහිර කරලා, ප්රචණ්ඩත්වය පාලනය කරන්න කියලා. හැබැයි විශේෂඥයෝ කියන්නේ මේ වගේ තහංචි විතරක් මදි බවත්, රන් වෙළඳාම සිද්ධ වෙන අනෙක් රටවලුත් මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්. දැනටමත් සුඩානයේ මිලියන 28කට වැඩි පිරිසක් දරුණු සාගතයකට මුහුණ දීලා ඉන්න නිසා මේ යුද්ධය ඉක්මනින් නතර කිරීම ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback