දිනෙන් දින වර්ධනය වන අන්තර්ජාලයේ අහිතකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් යුරෝපා සංගමය නව නීති මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත්, 13ත් 15ත් අතර දරුවන්ට සිය දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ දිනකට පැයක කාලයක් පමණක් සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවසර ලබා දීමටත් යෝජනා වී තිබෙනවා. මෙම ‘EU Kids Act’ නමින් හැඳින්වෙන නව නීතිය හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සහ අන්තර්ජාලය තුළ සිදුවන හිරිහැරවලින් ඔවුන් මුදා ගැනීම ප්‍රධාන අරමුණයි.
මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී සමාජ මාධ්‍ය සමාගම්වලට දැඩි වගකීමක් පැවරෙන අතර, දරුවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට අපොහොසත් වන සමාගම්වලට ඔවුන්ගේ ගෝලීය ආදායමෙන් 6%ක් දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති. විශේෂයෙන්ම ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය පමණක් නොව යූටියුබ්, වීඩියෝ බෙදාගැනීමේ වේදිකා සහ අන්තර්ජාල ක්‍රීඩා සඳහාත් මෙම නීති බලපානවා. දරුවන් ඇබ්බැහි කරවන සුළු විශේෂාංග ඉවත් කර, ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් වේදිකා සකස් කිරීමට සමාගම්වලට සිදුවනු ඇති. කෙසේ වෙතත්, මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි තාක්ෂණික ගැටලු සහ පුද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා මතු වෙමින් පවතින අතර, ඉදිරි මාස කිහිපය තුළ මේ පිළිබඳව දැඩි සංවාදයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback