2030 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම සඳහා තරග වැදීමට ESPN ආයතනය බලාපොරොත්තු වන බව එම ආයතනයේ සභාපති ජිමී පිටාරෝ නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. වසර විස්සකට අධික කාලයක් ලෝක කුසලාන තරගාවලි විකාශය කිරීම ESPN ආයතනයේ අනන්යතාවයේ කොටසක් බවත්, නැවත වරක් එම අයිතිය දිනා ගැනීමට තමන් දැඩි උනන්දුවකින් පසුවන බවත් ඔහු නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදී ප්රකාශ කළා. දැනට මෙම අයිතිය හිමිව ඇති ෆොක්ස් (Fox) ආයතනය සිදුකරන විකාශන කටයුතු පිළිබඳවද ඔහු සිය ප්රසාදය පළ කිරීමට අමතක කළේ නැහැ.
කෙසේ වෙතත්, 2030 ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 64ක් දක්වා පුළුල් කිරීමට ෆිෆා (FIFA) ආයතනය සැලසුම් කර තිබීම නිසා, එහි විකාශන අයිතිය සඳහා දැඩි තරගයක් ඇතිවනු ඇති බවයි වාර්තා වන්නේ. මීළඟ විකාශන අයිතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 සිට 2 දක්වා විශාල මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. දැනටමත් නෙට්ෆ්ලික්ස් (Netflix) සහ යූටියුබ් (YouTube) වැනි දැවැන්ත ආයතනද මෙම තරගයට එක්වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ. ESPN ආයතනය සිය ඉතිහාසයේ හොඳම විකාශන අයිතීන් පෙළක් මේ වන විට හිමිකරගෙන සිටින අතර, 2030 ලෝක කුසලානයද තම ගොඩට එක්කර ගැනීම ඔවුන්ගේ මීළඟ ඉලක්කය වී තිබෙනවා.

Discussion & Feedback