දැනට ලෝකයේ දත්ත මධ්‍යස්ථාන අතර තොරතුරු හුවමාරු වෙන්නේ මුහුදු පතුලේ අතුරා ඇති ෆයිබර් ඔප්ටික් කේබල් හරහායි. නමුත් මේ කේබල් නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම හරිම අමාරු වැඩක්. මේ ගැටලුවට විසඳුමක් විදියට ‘Endeavor Optical Networks’ (EON) කියන අලුත්ම සමාගම අභ්‍යවකාශයේ ලේසර් තාක්ෂණය භාවිතා කරලා දත්ත හුවමාරු කරන්න අලුත්ම සැලැස්මක් හඳුන්වා දීලා තියෙනවා. මේ සඳහා ඔවුන්ට ඩොලර් මිලියන 10.75ක මූලික ආයෝජනයකුත් ලැබිලා තියෙනවා.
මේ සමාගමේ අරමුණ වෙන්නේ චන්ද්‍රිකා 20කින් සමන්විත ජාලයක් අභ්‍යවකාශයේ ස්ථාපිත කරලා, ලේසර් කිරණ හරහා මහාද්වීප අතර අධිවේගී දත්ත හුවමාරුවක් සිදු කිරීමයි. සාමාන්‍යයෙන් වායුගෝලයේ තියෙන වලාකුළු වගේ දේවල් නිසා ලේසර් සංඥා දුර්වල වෙන්න පුළුවන් වුණත්, EON ආයතනය ඒ සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරනවා. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ තත්පරයට ටෙරාබිට් 2.4ක වේගයකින් දත්ත හුවමාරු කිරීමයි. මේ සඳහා ඔවුන් 2027 වසර අවසානයේදී සිය පළමු අත්හදා බැලීමේ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවන්න සූදානම් වෙනවා.
මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත්, දැනට පවතින මුහුදු පතුලේ කේබල් ජාලයට වඩා ඉතා වේගවත් සහ විශ්වාසවන්ත සේවාවක් ලබාගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම දත්ත හුවමාරුව වැඩිපුරම සිදුවන AI සමාගම් සහ විශාල දත්ත මධ්‍යස්ථාන සඳහා මෙය ලොකු පිටුවහලක් වේවි. අභ්‍යවකාශ තාක්ෂණයේ මේ නව පිම්ම අනාගතයේ අන්තර්ජාල වේගය සහ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරාවි කියලා තමයි තාක්ෂණික විශේෂඥයන් පවසන්නේ.

Discussion & Feedback