දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයකදී කාන්තාවන් කිහිප දෙනෙකුම අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවක් නිසා මේ දිනවල එරට ජනතාව දැඩි බියකින් පසුවෙනවා. පසුගිය ජූලි මාසයේ සිට කෙම්ප්ටන් පාක් ප්‍රදේශයෙන් පමණක් කාන්තාවන් නව දෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ ජනතාව වීදි බැස විරෝධය පළ කිරීමට පටන් ගත්තා. විශේෂයෙන්ම ‘සොන්ට්සෝ’ ලෙස ප්‍රසිද්ධ එලිසබෙත් මොසෙලක්ගෝමෝ නම් කාන්තාව ඇයගේ දෛනික ව්‍යායාම සඳහා දිවීමට ගිය අවස්ථාවේදී අතුරුදහන් වී පසුව මියගොස් සිටියදී හමුවීම කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ලොකු ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.
මේ සිදුවීම්වලට විරෝධය පළ කරමින් සෙන්චූරියන් නගරයේදී සහ කේප් ටවුන් නගරයේදී විශාල පිරිසක් එක්වී විරෝධතා පැවැත්වුවා. කාන්තාවන්ට බියක් සැකක් නැතිව නිදහසේ එළිමහනේ දිවීමට සහ ගමන් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් ඔවුන් හඬක් නගනවා. “අපිට ඕන කරන්නේ බයක් නැතුව ජීවත් වෙන්න, ආපහු ගෙදර එන්න පුළුවන් වෙන්න විතරයි” කියා විරෝධතාකරුවන් පවසනවා. මේ තත්ත්වය හමුවේ පොලිසිය විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති අතර, කාන්තාවන්ට තනිව හුදකලා ප්‍රදේශවල ඇවිදීමෙන් හෝ දිවීමෙන් වළකින ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, රජය මේ සම්බන්ධයෙන් වඩාත් දැඩි පියවර ගත යුතු බවට ජනතාව දිගින් දිගටම බල කරමින් සිටිනවා.

Discussion & Feedback