අභ්‍යවකාශයේ ගමන් කරන නාසා ආයතනයට අයත් ස්විෆ්ට් (Swift) දුරේක්ෂය බේරාගැනීම සඳහා යැවූ ‘LINK’ නම් ගලවා ගැනීමේ යානය මේ වන විට බරපතළ තාක්ෂණික ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඇරිසෝනාහි කැටලිස්ට් ස්පේස් ටෙක්නොලොජීස් ආයතනය විසින් නිර්මාණය කළ මෙම යානය, ස්විෆ්ට් දුරේක්ෂය කක්ෂගතව පහළට ඇද වැටීම වැළැක්වීම සඳහා යැවූවක්. නමුත් අභ්‍යවකාශයට ගොස් සති තුනක් ගතවෙද්දී, LINK යානය අනපේක්ෂිත ලෙස වේගයෙන් කැරකෙන්න පටන් ගැනීම නිසා එහි සන්නිවේදන පද්ධතියේ බිඳවැටීමක් සිදුවුණා. ඒ වගේම යානයේ තිබෙන ප්‍රතික්‍රියා රෝද තුනෙන් දෙකක්ම අක්‍රිය වීම මෙහෙයුමට ලොකු බාධාවක් වෙලා තියෙනවා.
ස්විෆ්ට් දුරේක්ෂයට තමන්ගේම එන්ජින් නොමැති නිසා, එය පෘථිවි වායුගෝලයට ඇද වැටීම වැළැක්වීමට නම් ඔක්තෝබර් මාසයට පෙර LINK යානය එය වෙත ළඟා විය යුතුයි. මේ වන විට කැටලිස්ට් ඉංජිනේරුවන් ඉතා දක්ෂ ලෙස යානයේ කැරකෙන වේගය අඩු කර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉදිරි දින කිහිපයේදී නව මෘදුකාංග යාවත්කාලීන කිරීම් හරහා යානය ස්ථාවර කරගෙන, නැවතත් ස්විෆ්ට් දුරේක්ෂය දෙසට ගමන් කරවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඩොලර් මිලියන 250ක් වටිනා මෙම දුරේක්ෂය බේරාගැනීම සඳහා ඉංජිනේරුවන් මේ වන විටත් කාලය සමඟ සටනක නිරත වෙමින් ඉන්නවා. ඔවුන්ගේ මෙම උත්සාහය සාර්ථක වේවිද යන්න ලෝකයම බලාගෙන ඉන්නවා.

Discussion & Feedback