මෑතකදී ග්රීසියේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ රයන් එයාර් (Ryanair) ගුවන් යානයක සිදුවූ බිහිසුණු අනතුරක් ගැන තොරතුරු මේ වන විට වාර්තා වෙනවා. ගුවන් ගත වී සුළු මොහොතකින් යානයේ එන්ජිමක කොටසක් කැඩී ගොස් එය ජනේලයක වැදීමෙන් ජනේලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මේ හේතුවෙන් එම අසුනේ සිටි සර්බියානු ජාතික ලියුබිසා කරොවිච් නමැති මගියාගේ හිස සහ දකුණු උරහිස ජනේලයෙන් පිටතට ඇදී ගොස් තිබෙනවා. ඔහු බරපතල තුවාල ලබා කම්පනයට පත්ව සිටියදී ඔහුගේ බිරිඳ සහ තවත් මගීන් දෙදෙනෙකු එක්ව ඔහුගේ කකුල්වලින් අල්ලාගෙන ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරා තිබෙනවා.
ඇමරිකානු ගුවන් සේවා ආරක්ෂක මණ්ඩලයේ මූලික වාර්තාවට අනුව, එන්ජිමේ පංකා තලයක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. ගුවන් නියමුවන් එන්ජිමේ කම්පනයක් දැනුණු වහාම එය පාලනය කිරීමට උත්සාහ කළත්, පසුව විශාල ශබ්දයක් සමඟ එන්ජිම අක්රිය වී තිබෙනවා. වාසනාවකට මෙන්, ගුවන් නියමුවන් වහාම ක්රියාත්මක වී යානය නැවත ග්රීසියේ තෙසලෝනිකි ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා ගැනීමට සමත් වුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින අතර, මගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිවීම සැබෑ වාසනාවක් ලෙසයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback